(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
තම ශරීරයේ කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය කිසිවක් නොමැති බව පෙන්වීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා අද (24) මාතර පිහිටි සිය නිවසේ දී වෛද්‍ය පරීක්ෂණයට පෙනී සිටියේය.
විශේෂයෙන් මාතර නගරයේ පෞද්ගලික රෝහලකට මුදල් ගෙවා අදාළ පරික්ෂණය සිදු කර ගැනීමට කටයුතු කර තිබිණි.
ඒ අනුව ගිලන් රථයකින් පැමිණි හෙදියක් ඇතුළු කාර්ය මණ්ඩලය බුද්ධික පතිරණ මහතාගේ රුධිර සාම්පලය ලබා ගන්නා ලදී.
පසුව ඔහු මුත්‍රා සාම්පලයක් ද තම හිස කෙස් වලින් කොටසක් ද කතුරකින් කපා එම අවස්ථාවේදීම ලබා දුන්නේය.
එම පරික්ෂණ වාර්තාව ඉදිරියේදී ලබා ගැනීමට නියමිතය.




