මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ 12ක් රිමාන්ඩ්


(නිමන්ති රණසිංහ)

මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් අත්අඩංගුවට ගනු ලබන හොරොයින් මත්ද්‍රව්‍ය කූට ලෙස ජාවාරම් කළැයි කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රැඳවුම් බාරයේ සිටින එම කාර්යාංශයේ නිලධාරීන් 12දෙනෙකු ලබන 21 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(08) නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළව ඊයේ අත්අඩංගුවට ගත් තවත් පොලිස් කොස්තාපල්වරයකු රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර දුන්නේය.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් නිලධාරීන් ඇතුළු සැකකරුවන් 21දෙනෙකු අත්අඩංගුවේ පසුවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)