(ක.ග.කරුණාරත්න)
කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වසංගතය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අනුගමනය කෙරෙන සෞඛ්‍යය පිළිවෙත් යටතේ නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස දැනට පවත්වගෙන යන මඩකලපුව පුනානී පිහිටි ෂරියා විශ්ව විද්‍යාලයේ අද (5) දහවල් ගින්නක් හටගෙන ඇතැයි වාලච්චේන පොලීසිය කියයි.
ශ්‍රී ලංකා යුද හමුදාව සහ නිරෝධායන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩල එක්ව ගින්න නිවාදමමින් සිටින බවද පොලීසිය සඳහන් කලේය.
ගින්න හටගෙන ඇත්තේ කුමන හේතුවක් නිසාද යන්න හෝ සිදුව අති අලාභ හානි කොපමණද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
ශ්‍රී ලංකා යුද හමුදාව සහ වාලච්චේන පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

