(වසන්ත චන්ද්‍රපාල)
මඩකලපුව බන්ධනාගාර වහලය උඩට නැග ගත් සිරකරුවන් 28 දෙනෙකු අද (5) දහවල් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.
මඩකලපුව බන්ධනාගාරයේ සිටි පුද්ගලයකු අද පෙරවරු 7.30 ට පමණ අසනිප වී ඇති අතර පසුව බන්ධනාගාර නිලධාරින් විසින් ඔහු මඩකලපුව රෝහලට ඇතුළත් කරනු ලැබීය.
එම පුද්ගලයා දැඩි සත්කාර ඒකකය තුළදී මිය ගොස් ඇති අතර එයට විරෝධය පෑම සඳහා මෙම විරෝධය ආරම්භ කර ඇති බව මඩකලපුව පොලිසිය පවසයි.
මුලින් සුළු පිරිසක් ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය සවස් වන විට 28 දෙනෙක් ඒ සඳහා එක්වුහ.
මෙලෙස විරෝධතාවයට එක්ව සිටින්නේ කුඩු සහ ගංජා වලට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පිරිසකි.
මියගොස් ඇත්තේ නඩත්තු නොගෙවිම නිසා සිරගතවූ පුද්ගලයෙකි. ජමාල්දීන් මොහමදු නජීම් නැමැති 28 හැවිරිදි ඔහු ඒරාවුර් පොල පාරේ පදිංචිකරුවෙකි. ඔහුගේ මරණය සම්බන්ධයෙන් මඩකලපුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




