
(ජයන්ත සමරකෝන්)
මගීන් පටවාගෙන ඉන්ධන ලබාගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් කරා යන පෞද්ගලික බස් රථ සේවකයන්ට දඬුවම් ලබාදීමටත්, ගමන් බලපත්‍රය අත්හිටුවීමටත් පියවර ගන්නා බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.
ඉන්ධන පුරවාගැනීමට මගීන්ද නංවාගෙන යෑම ඉතා අනතුරුදායක සහ ආරක්ෂිත තත්වයක් බව එහි සභාපති ඕ. ඩබ්. ප්‍රසන්න සංජීව මහතා ලංකාදීපයට පැවැසීය.
දෛනිකව බස් රථවලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් කල්වේලා ඇතිව ලබාගැනීම එම සේවකයන්ගේ වගකීම බැවින්, බස් රථවලට ඉන්ධන ලබාගැනීම සඳහා මගීන් ද සමඟ ඉන්ධනහල් වෙත යාම බරපතල වරදක් බවද ඒ මහතා කීය.
එලෙසින් කටුයුතු කරන බස් රථ සේවකයන් පිළිබඳව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය දැඩි අවධානය යොමුකරන බවද , එවැනි කටයුතුවල යෙදෙන බස් රථ සේවකයන්ට නිසි දඬුවම් ලබාදෙන බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

