මගීන් දහස් ගණනකගේ ජිවිත අවදානමට ලක් කළ නිවේදිකාව


(මනෝප්‍රිය ගුණසේකර)

කොළඹ කොටුවේ සිට මීගමුව බලා ධාවනය වන අර්ධ සීග්‍රගාමි දුම්රිය ධාවනය කරන අයුරු මරදාන දුම්රිය ස්ථානයේ සේවිකාවක කළ නිවේදනයෙන් දුම්රිය මගීහු අන්දමන්ද විය.

‘‘දෙවන වේදිකාවට ආ දුම්රිය මීගමුව බලා පිටත්වේ. එය මීගමුව දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නතර කරනවා ඇත.‘‘

එම දැනුම් දීමට අනුව දෙමටගොඩ සිට රාගම දක්වා ඇති දුම්රිය ස්ථාන හරහා ගමන් පහසුකම් සලසා ගන්නා මගීහු එම දුම්රියට ගොඩ වූහ. දුම්රිය ගමන් ආරම්භ කිරීමට සූදනම්වනවත් සමග යළි නිවේදනයක් කළාය. ඒ දෙවන වේදිකාවට ආ දුම්රිය දෙමටගොඩ සහ කැලණිය දක්වා නවත්වන බවත් කැලණියේ සිට රාගම දක්වා නොනවත්වන බවත් එම නිවේදනයෙන් කියැවිණි. 

ගමන් ආරම්භ කළ දුම්රිය යළි නතර කෙරිණි. කැලණියෙන් පසු හොරපේ දක්වා ඇති දුම්රිය ස්ථාන හරහා ගමන් පහසුකම් ලබා ගන්නා මගීහු දැඩි අපහසුවෙන් එම දුම්රියෙන් බැස ගත්තේ සෙමින් සෙමින් ඉදිරියට ඇදෙන දුම්රියෙනි. වගකීම් විරහිත සේවිකාවක නිසා දුම්රිය මගීහු දහස් ගණනකගේ ජීවිත අවදානමට ලක්වන බව මගීහු චෝදනා කළහ.