මංගල උත්සව - පළාත් අතර හුවමාරුවට නැවත සීමා


(අජන්ත කුමාර අගලකඩ)

ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වයිරසය පාලනය කිරීමේ පියවරක් ලෙස ,පළාත් අතර සංචරණ සිමා රජය විසින් ඊයේ (10) යළි පනවනු ලැබීය .

මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ පළාත් අතර සංචරණ සීමා රජයේ විසින් ඉවත් කරනු ලැබුවේ පසුගිය 2වැනිදා සිටය.

එහෙත් කොරෝනා ව්‍යාප්තියේ ශීඝ්‍ර වර්ධනය සැලකිල්ලට ගනිමින් සංචරණ සීමා යළි පනවන්නැයි සෞඛ්‍ය අංශ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි .

ඒ අනුව පළාත් අතර සංචරණ සීමා යළි පැනවීමට රජය පියවර ගත්තේය .

මේ අතර, මංගල උත්සව සඳහා සහභාගී කරගත හැකි පිරිස පනහකට සීමා කිරීමටද රජය තීරණය කර ඇත

විවාහ මංගල උත්සව සඳහා 150ක පිරිසක් සහභාගි කරවා ගැනීමට සෞඛ්‍ය අංශ මීට ඉහතදී අවසර දී තිබිණි .

මේ අතර, ආගමික උත්සව තාවකාලිකව තහනම් කිරීමට ද රජය තීරණය කර ඇත. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද රාත්‍රියේ නිකුත් කරනු ලැබීමට නියමිතව තිබිණි .

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ,සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් අතර ජනාධිපති කාර්යාලයේ අද පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම නව තීරණ ගෙන ඇත .