
(සුජිත් හේවාජුලිගේ)
හෙට (28) දිනයේ සහ 30 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තක (සිංහල/ඉංග්‍රීසි ), (සිංහල /දෙමළ) හා (දෙමළ / ඉංග්‍රීසි) II ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගැනීමේ විවෘත / සීමිත තරග විභාගය දින නියමයක් නොමැතිව කල් දමා අැත
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි
ඉදිරියේ දී විභාගය පැවැත්වෙන දින පිළිබඳව විභාග අපේක්ෂකයන් දැනුවත් කිරීමට කටයුතු කරන බවද එහි සඳහන් වේ.

