
(ඉන්දිකා රාමනායක සහ බුද්ධික කුමාරසිරි)
බෞද්ධ හා පාලි සරසවිය සියලු සිසුන් සඳහා විවෘත නොකිරීම ඇතුලු ගැටලු විසදීමට බළධාරීන් වහාම කටයුතු කල යුතු බවට පවසමින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය මගින් හෝමාගම පිටිපන මංසන්ධියේ දී පැවැත් වූ සත්‍යග්‍රහයට කඳුලු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර විසුරැවා හැරීමට පොලිසිය කටයුතු කළේය.
"සිසු දඩයම නවත්වනු" සියලුම සිසුන් සදහා විශ්ව විද්‍යාලය විවෘත කරනු" "ස්ථීර උප කුලපති කෙනෙකු පත් කරනු" සහ මාස දෙකකට පමණ ආසන්න කාලයක් වසා දමා තිබෙන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත විවෘත කරන ලෙසත් විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම නතර කරන ලෙසත් ශිෂ්‍ය භාවය අත්හිටුවා තිබෙන ශිෂ්‍යයන් 39 දෙනාගෙ ශිෂ්‍ය භාවය ලබා දෙන ලෙසත් උද්ඝෝෂකයෝ බල කළහ.
උද්ඝෝෂණයේ නිරත වෙමින් සිටි සිසුන් පසුව සත්‍යක් ග්‍රහයක් සඳහා අට්ටාලයක් සෑදීමට සුදනම් වන විට හෝමාගම පොලිසියේ නිලධාරීන් ඊට විරෝධය ප්‍රකාශ කිරීමත් සමඟ උණුසුම් තත්වයක් තත්වයක් ඇතිවිය.
පසුව අට්ටාලය ඉවත් කිරීමට යාමේදී පොලිසියේ උසස් නිලධාරියකු ට තුවාල සිදු වූඅතර යලී ශිෂ්‍යයන් අට්ටාලය ඉදිකර තිබූ ස්ථානයේම සත්‍යග්‍රහය ආරම්භ කළහ.
එම සත්‍යග්‍රහය ආරම්භ කර පැයකට පමණ පසු එම ස්ථානයෙන් පිටව යන ලෙස පොලිසිය දැනුම් දීමක් කළද භික්ෂූන් වහන්සේ ඉවත් නොවූ බැවින් ජල ප්‍රහාර සහ කදුලු ගෑස් එල්ල කර පිරිස විසුරැවා ලීමට කටයුතු කරන ලදී.
එම කදුලු ගෑස් වැදීමෙන් එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි කුඩා දරැවන් කිහිප දෙනෙකුද පීඩාවට පත්ව සිටි ආකාරය දක්නට ලැබුණි .
(ශාන්ත රත්නායක)

කේ.බුද්ධික කුමාරසිරි





