
(ඉන්දික අරුණ කුමාර)
පවතින අධික වැසි හේතුවෙන් බෝවතැන්න ජලාශයේ වාන් දොරටු හයම අඩිය බැගින් විවෘත කළ බැව් ජලාශ කාර්ය භාර ඉංජිනේරු බුද්ධීක මහේෂ් නවරත්න මහතා අද (26) කියා සිටියේය.
ඒ අනුව බෝවතැන්න ජලාශයෙන් තත්ත්පරයට ඝන අඩි දස දසදහසක ජල ප්‍රමාණයක් අඹන් ගගට මුදාහැරෙන බවත් අඹන් ගග අවට ජිවත්වන ජනතාව අවදානයෙන් පසුවන ලෙසත් ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා කියා සිටියේය.
අඹන් ගග අවට පදිංචිව සිටින මෙවර උසස් පෙළ විභාගයට පෙනිසිටින දූ දරුවන්ට අඹන් ගග පිටාර ගැළිම නිසා ඇති වන අපහසුතාවන්ට පිලියමක් ලෙස බෝවතැන්න ජාශයේ බැම්ම හරහා ඇති මාර්ගය විකල්ප මාර්ගයක් ලෙස භාවිත කරන ලෙස ද හෙතෙම ඉල්ලා සිටියේය.
ඉහල ජල පෝෂක ප්‍රදේශ වලට ලැබෙන ජලය හේතුවෙන් බෝවතැන්න ජලාශයට තත්ත්පරයට ඝන අඩි දොලොස් දහසක ජල ප්‍රමණයක් ලැබෙමන් පවතින බවද ඉංජිනේරුවරයා වැඩිදුරටත් කියා සිටියේය.

