
(කාංචන කුමාර ආරියදාස සහ ඉන්දික අරුණ කුමාර)
කන්ද උඩරට ප්‍රදේශවලට මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ නාවුල බෝවතැන්න ජලාශයේ වාන් දොරටු හයක් අද (26) දින පෙරවරුවේ විවෘත කිරීමත් සමඟ පහළ ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට විය.
බෝවතැන්න ජලාශයේ වාන් දොරටු හයක් අද පෙරවරුවේ විවෘත කෙරුණු අතර එයින් තත්පරයට ඝන අඩි, දස දහසකන් ජල ප්‍රමාණයක් අඹන් ගඟට මුදා හැරුණු බව බෝවතැන්න ජලාශ භාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා සඳහන් කළේය.
තත්පරයකට ඝණ අඩි දසදහසකට අධික ජල කඳක් මහවැලිය හරහා සුදු ගඟ දිගේ බෝතැන්නට ලැබෙමින් පවතින බවත් ඉදිරියේදී වර්ෂාව වැඩි වුවහොත් බෝතැන්න ජලාශයේ තවදුරටත් වාන් දොරටු එසවීමට සිදුවන බවද හෙතෙම පැවසීය.
අඹන් ගගේ ජලය පහළට ගලා බැසීමත් සමඟ අඹන පාලම හරහා වැටී ඇති මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම විශේෂත්වයකි.
වාන් දොරටු විවෘත වී පැයක පමණ කාලයක් ගතවෙද්දී එකවරම ජනතාව බලා සිටියදීම අඹන පාලම වැසී යෑම විශේෂත්වයෙකි.


