බොරු මායම අතේ පත්තු වෙයි


(නුවන් කුමාර)

පියකු සහ පුතකු එක්ව නිවෙසේ මහ රෑ වළක් හාරා නිධන් සොයද්දී ඔත්තු බැලූ මවක, දියණියක සහ මවගේ සහෝදරියක පොලිසිය එද්දී බොරු ආරුඪයක් පෙන්වා බෝතල් කටුවලින් අතපය කපා ගැනීම නිසා ඔවුන් ලේ පෙරෙන තුවාල සහිතව රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

මැදවච්චිය පුරා විද්‍යා බිමකට ආසන්න නිවසක මෙම සිද්ධිය සිදුව තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත්ගම,මැදවච්චිය ලිපිනයේ පදිංචි පියෙකු හා පුතෙකි. රෝහල් ගත කර ඇත්තේ මව,දියණිය හා මවගේ නැගණිය වේ.

මැදවච්චිය දුම්රිය ස්ථානය ආසන්නයේ ඇති වරිච්චි බිත්ති සහිත විදුලිය විසන්ධි කර ඇති නිවසක එකම පවුලේ කාන්තාවන් තිදෙනකු නිවස ඉදිරිපිට ඔත්තු බලමින් සිටියදි එම පවුලේ පිරිමි දෙදෙනා නිවස ඇතුලේ වළක් හාරමින් සිටි බව පොලීසිය කීය.

පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ළද තොරතුරකට අනුව විමර්ශනයට ගිය මැදවච්චිය පොලීසියේ නිලධාරීන්ට නිවස ඇතුළට යෑමට ඉඩ නොදි කාන්තාවන් තිදෙනා මායම් විමට පටන් ගෙන තමන් යක්ෂයන් බව කියා බෝතල් කටුවලින් ඔවුන්ගේ අත් කපාගෙන නිලධාරීන් බිය ගන්වා ඇති බව පොලීසිය සදහන් කළේය.