
වසර 29කට පසු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (9) 33.03%කින් පහත වැටිණි.
අවසන් වරට ගෝලීය තෙල් වෙළෙඳපොළේ මිල ගණන් එතරම් අගයකට පහත වැටුණේ 1991 වසරේදීය. ඒ අවස්ථාවේ පැවැති ගල්ෆ් යුද්ධය ඊට හේතුවිය.
කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය තෙල් වෙළෙඳපොළට දැනටමත් දරුණ බලපෑමක් එල්ල වී තිබෙන මෙහොතෙක මෙලෙස තෙල් මිල ගණන් පහත යෑමට හේතුවූයේ සෞදි අරාබිය සහ රුසියාව අතර ඇති වූ අර්බුදකාරී තත්ත්වයි.
තෙල් සැපයුම සීමා කිරීම හා බොරතෙල් නිෂ්පාදනය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට එම රටවල් දෙකට නොහැකි වූ අතර තෙල් මිල ගණන් ඉතිහාසගත ලෙස පහළ යෑමට එම අර්බුදය හේතුවිය.
රුසියාවත් සමඟ ඇති වූ මතභේදාත්මක තත්ත්වය නිසා සිය පාරිභෝගිකයන්ගෙන් අය කරන වියදම් කපා හැරීමට සෞදි අරාබිය පියවර ගත්තේය.
රොයිටර්ස්
055

