
බේරුවල, අලුත්ගම සහ පයාගල යන පොලිස් බල ප්‍රදේශවලට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එම ප්‍රදේශවලට පැනවූ ඇඳිරි නීතිය හෙට(26) උදෑසන 5.00ට ඉවත් කරන බව මින් පෙර දැනුම් දී තිබුණද එය එලෙස ක්‍රියාත්මක නොකරන බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.


