(සුමතිපාල දීයගහගේ )
බූන්දල ජාතික වනෝද්‍යානයේදී වනජීවි නිලධාරින්ට වෙඩි තබා පලා යමින් සිටි දඩයම්කරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු වනජිවි නිලධාරින් විසින් අද (9) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
වනජීවි නිලධාරින් පිරිසක් කැබ් රථයකින් මුර සංචාරයේ යෙදි සිටින විට තුවක්කුවක් රැගෙන යතුරුපැදියකින් බූන්දල ජාතික වනෝද්‍යානය තුළ යමින් සිටි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට යෑමේදි සැකකරුවන් විසින් වනජිවි නිලධාරින්ට වෙඩි තබා ඇත.
එම අවස්ථාවේ සැකකරුවන් ලුහුබැද ගිය වනජීවි නිලධාරින් විසින් එක් සැකකරුවෙකු සමඟ බෝර 12 තුවක්කුවක් උණ්ඩ දෙකක් සහ ඔවුන් ගමන් කළ යතුරුපැදිය අත්අඩංගුවට ගෙන තිබේ.
වෙඩි තැබීමෙන් වනජිවි නිලධාරින්ට අනතුරක් සිදුවී නැතත් වාහනයට හානි සිදුවී ඇතැයි කියති. අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට බොරලැස්ස ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.
පලා ගිය අනිත් සැකකරුද හඳුනා ගෙන ගෙන තිබේ. මොවුන් නීති විරෝධි ලෙස වනෝද්‍යානයට ඇතුළුවී සතුන් දඩයම් කිරිමට ගොස් ඇති බව අණාවරයවී ඇත.