(ආනන්ද ඉ ජයකොඩි)
වතුපිටිවල රණවිරුගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය බූරු පොලක් වටලා මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටි දොළොස් දෙනෙකු අත් අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලීසිය පවසයි.
සෞඛ්‍ය නීති රීති පවා අනුගමනය කිරීමකින් තොරව බූරු ගැසීම කරමින් සිටියදී ඊයේ (28) රාත්‍රී 11 ට පමණ වැටලීම සිදු කළ බවත් ඒ අවස්ථාවේ අත් අඩංගුවට ගත් දොළොස් දෙනාට අමතරව එහි සිටි තවත් පිරිසක් පැන ගොස් ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
බූරු පිටියේ තිබී රුපියල් තිස් දහසක පමණ මුදලක් ද පොලීසියට හමු වී ඇත.
අත් අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් වතුපිටිවල රණවිරුගම මාතලාන හා ඔචර්ඩ්වත්ත යන ප්‍රදේශවල පදිංචි කරුවන් බවද පොලීසිය කීය.
මොවුන් සියළු දෙනා ඇප අත්සන් කිරීමෙන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ නිවාස වලම ස්වයං නීරෝධානයට යොමු කිරීමට පියවර ගන්නා බවද පොලීසිය පැවසීය.
පැන ගිය පිරිස අත් අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.