බුද්ධ දේශනාව ලොවට ගෙන යන්න කාර්යාලයක්


(යොහාන් භාසුර)

බුදුන් වහන්වසේ දේශනා කළ උතුම් වූ බුද්ධ දර්ශනය ලොවටම ගෙන යාමේ වැඩ පිළිවෙල ක්‍රමවත්ව සහ විධිමත් වූ ක්‍රියාවලියකට අනුව කිරීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රයේදී බෞද්ධ සබඳතා පිළිබඳ කාර්යාංශයක් ස්ථාපිත කළේය.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායන මහතා ප්‍රධානත්වයෙන් එම කාර්යාලය විවෘත කෙරිණි.

විදේශ රටවල ස්ථාපිත ශ්‍රී ලාංකේය ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථාන හෝ විහාරස්ථාන, දහම් පාසල් ආදී වෙනත් බෞද්ධ ආයතන, ජාත්‍යන්තර ධර්මදූත කටයුතු සඳහා විදේශගත වන භික්ෂුන් වහන්සේලා, සිල් මෑණියන් වහන්සේලා යන දෙවැදෑරුම් අංශ සම්බන්ධය (සම්බන්ධීකරණය, නියාමනය සහ මාර්ගෝපදේශනය) කිරීම, බෞද්ධ සහ බෞද්ධ නොවන රටවලට ද ඉදිරියේදී බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම මෙම ආයතනයෙන් ඉටුකිරීමට නියමිත බව අමාත්‍යවරයා කීය.