බිරිඳගේ ගෙල කපා සැමියා එල්ලෙයි


(තිලකරත්න දිසානායක)

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් මාකෙවිට ප්‍රදේශයේ පදිංචිව සිටි අඹු සැමි යුවළක් අද (21) පෙරවරුවේ නිවස තුළ මිය ගොස් සිටියදී ගම්පහ පොලීසිය  සොයාගෙන ඇත.

මිය ගොස් ඇත්තේ සියඹලාපිටියගේ දොන් ෂෙල්ටන් ඇලෙක්සැන්ඩ්‍රා නමැති 60 හැවිරිදි සැමියා සහ පරගහගොඩ ලියනගේ තුෂාරි ප්‍රියංගිකා නමැති 50 හැවිරිදි බිරිඳ බව පොලීසිය පවසයි.

බිරිඳගේ ගෙල කපා ඝාතනය කර තිබූ අතර, සැමියාගේ සිරුර එම නිවසේම එල්ලෙමින් තිබියදී සොයා ගෙන ඇත. දෙදෙනා අතර නිතර ආරවුල් පැවතීම මත බිරිද ඝාතනය කර සැමියා ද දිවි නසා ගන්නට ඇති බවට පොලීසිය සැකකරයි.

මෙම යුවලට වැඩිහිටි දියණියක් සිටින අතර ඇය කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරන බැවින් මෙදින නිවසේ සිට නොමැති බවද අනාවරණය වී යැයි පොලීසිය පවසයි.

මේ සම්බන්ධයෙන්  මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.