(කේ බුද්ධික කුමාරසිරි)
තලවතුගොඩ සමාජ ශාලාවකදී අද (19) දින අලුයම පුද්ගලයාන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලක දී බලපත්‍ර සහිත ගිනි අවියකින් වෙඩි තබා සාපරාදි බිය ගැන්වීම සහ බලපත්‍ර කොන්දේසි අනිසි ලෙස භාවිතා කළ බව කියන සුරාබදු පරීක්ෂකවරයකු සහ ව්‍යාපාරිකයකු ලබන 30 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා නියෝග කළේය.
මෙලෙස බන්ධනාගාර ගත කරන ලද්දේ සලින්ත අතපත්තු සහ සම්පත් ගමගේ නමැති පුද්ගලයන් දෙදෙනෙකි.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශ කටයුතු අවසන් නොවීම සහ තවත් සාක්කිකරුවන්ගෙන් සාක්ෂි ලබා ගැනීමට තිබෙන බවට තලංගම පොලිසිය මගින් අධිකරණයට කළ දැනුම් දීම මත මෙලෙස සැකකරුවන් රක්ෂිත බන්ධනාගත කිරීමට කටයුතු කර ඇත.