බැටි වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි


(ආරියරත්න රණබාහු)

හිටපු අමාත්‍යවරයෙකු සහ ලංකා සම සමාජ පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් අධි නීතිඥ බැටි වීරකෝන් මහතා අද (07) අභාවප්‍රාප්ත විය.

මියයන විට ඒ මහතා 87 වැනි වියේ පසුවිය.

ඒ මහතා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත.