
(රෝෂන් තුෂාර)
ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ සිටියදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රක්ෂිතව බන්ධනාගාර ගතකළ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන්ගේ බිරිඳට ඇති මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් පුද්ගලිකව අධිකරණය පෙනී සිට කරුණු දක්වන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයාට අද නියෝග කළේය.
සැකකාරියට එරෙහි පැමිණිල්ල සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ රජය නීතිඥවරයෙකුට අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙසටද නියෝග කළේය.
විෂ වර්ග අබිං සහ අන්තරායක ඖෂධ පාලක පනතේ 54 වගන්තිය ප්‍රකාරව සැකකාරිය අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කර අධිකරණයට ඉදිරිපත් කළද ඊට අදාළ සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් රහස් පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මෙම නියෝග නිකුත් කෙරිණි.
මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නීතිපති දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් පසුව සාක්ෂි නොමැති නම් සැකකාරිය ට ඇප ලබා දෙන බව දන්වා සිටී මහේස්ත්‍රාත්වරයා සැකකාරිය එම වාර්තා ලැබෙන තෙක් ලබන 25 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගග කළේය.
සැකකාරිය සිය තුන් හැවිරිදි දියණිය සමඟ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

