
(රෝෂන් තුෂාර)
ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ සිටියදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකළ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන්ගේ බිරිඳගේ ජංගම දුරකථන දෙක ඔස්සේ තවදුරටත් විමර්ශන කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා රහස් පොලීසියට අද(29) නියෝග කළේය .
සැකකාරිය සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් ජංගම දුරකථන දෙකෙහි මුර පද සම්බන්ධයෙන් කරුණු විමසා බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ලබා ගැනීමට අවසර දෙන්නැයි රහස් පොලිසිය මෝෂමක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීම සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.
විෂ වර්ග අබිං සහ අන්තරායක ඖෂධ පාලක පනතේ 54 වගන්තිය ප්‍රකාරව අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග පරිදි රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකාරියගේ ජංගම දුරකථනය දෙකෙහි මුර පද බන්ධනාගාරයට ගොස් ඇයලවා ඉවත් කරගෙන ඉදිරි විමර්ශන කටයුතු කිරීම සඳහා මෙම අවසරය ඉල්ලා සිටිමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.

