(චන්දන ප්‍රනාන්දු)
දැරියක් හා මිතුරුකමක් ඇති කරගෙන දින හතරක් වැනි සුළු කාලයකදී ඇය මාපිය රැකවරණයෙන් ඉවත්කර ගෙන ගොස් අපහරණය කළ 18 හැවිරිදි තරුණයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසිය පවසයි. මෙම දැරිය 14 වැනි වියේ පසුවන්නියකි.
සිය නිවසට බාලවයස්කාර දැරියක් රැගෙන ඒම සම්බන්ධව තරුණයාගේ මව පොලීසියට කළ පැමිණිල්ලක් අනුව තරුණයා සහ දැරිය පොලීසියට බාරදීමෙන් පසු තරුණයා අත්අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කළේය.
පසුගිය 16 වැනි දින දැරිය ලබා දුන් දුරකතන ඇමැතුමක් මත තරුණයා පැමිණ ඇය කැඳවාගෙන ගොස් ඇති අතර ඔවුන් දිනක් මාරවිල වෙරළේ ගත කර පසුදින උදෑසන තරුණයාගේ නිවසට ගොස් තිබේ. අනතුරුව තරුණයාගේ මව මොවුන් රැගෙන ගොස් පොලීසියට බාර දී සියළු තොරතුරු පවසා ඇත.
දැරිය වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාසයේ ප‍්‍රධාන පෙළේ බාලිකා විදුහලක 9 වසරේ ඉගෙනුම ලබන සිසුවියක් වන අතර මව විදේශගතව සිටින්නීය. දැරිය සිය මිත්තණිය සමඟ ජීවත් වි ඇති බවද පොලීසිය සඳහන් කළේය.
ඇය වෛද්‍ය පරික්ෂණයක් සඳහා හලාවත රෝහලට ඇතුළු කර ඇති බවත් තරුණයා මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවත් පොලීසිය පැවසීය.