බාල බෙහෙත් පුච්චන්නත් කෝටි දොළහක් පුදලා




(සුජිත් හේවාජුලිගේ)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය මිලදී ගත් ප්‍රමිතියෙන් තොර ඖෂධ ශල්‍ය ද්‍රව්‍ය හා  රසායන ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා  2023 හා 2024 වර්ෂවල  රුපියල් දොළොස් කෝටියකට වැඩි මුදලක් පෞද්ගලික සමාගමක් වෙත ගෙවා ඇතැයි නවතම විගණන වාර්තාවක සඳහන්වේ

2023 වර්ෂයේදී දසකෝටි අනූ හත් ලක්ෂයක්ද 2024 වර්ෂයේ දී රුපියල් එක්කෝටි තිස් හතර ලක්ෂයකට වැඩි මුදලක්ද  මෙසේ ගෙවා ඇත.

මෙම කටයුතු වලදී තාක්ෂණික කමිටුව සහ ප්‍රසම්පාදන කමිටු  ලන්සු  කැඳවීමකින් තොර ව සහ  ගිවිසුම් විෂය පථය පරීක්ෂා කිරීමකින් තොරව   අනුමැතියදී  ඇතැයිද වාර්තාව සඳහන් කරයි.