බ්‍රිතාන්‍ය පැන වූ සංචාරක නීති ලිහිල් කරයි


(විමුක්ති එස් රුද්‍රිගු)

බ්‍රිතාන්‍ය,ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කරමින් ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන ලෙස බ්‍රිතාන්‍ය ජාතිකයන්ට ලබා දී තිබූ උපදෙස් ලිහිල් කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටීම හේතුවෙන් ඖෂධ,ආහාර,ඉන්ධන සහ ගෑස් හිඟයක් පැවතිය හැකි බව සංචාරක උපදේශනයේ දැක්වේ.ඒ හේතුවෙන් ප්‍රවාහනයට,ව්‍යාපාර වලට සහ හදිසි සේවාවන්ට බලපෑමක් එල්ල විය හැකි බව එහි සඳහන් වේ.

රෝහල් සහ අනෙකුත් වෛද්‍ය සේවාවන්ට අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය හේතුවෙන් බලපෑමක් එල්ල විය හැකි බව තවමත් සංචාරක උපදේශනයේ දැක්වේ.එසේම ශ්‍රී ලංකාවේ තවමත් හදිසි නීතිය ක්‍රියාත්මක වන බවත් අගෝස්තු 27 එය අවසන් වීමට නියමිත බවත් සංචාරක උපදේශනයේ දැක්වේ.

අත්‍යාවශ්‍ය කරුණකට පමණක් ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන ලෙස බ්‍රිතාන්‍ය ජාතිකයන්ට ලබා දී තිබූ උපදෙස් ලිහිල් කිරීම හේතුවෙන් බ්‍රිතාන්‍ය ජාතිකයන්ට සාමාන්‍ය පරිදි ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට හැකියාව ලැබේ.