(ඩයනා උදයංගනී)
බස්නාහිර පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සෙසු ප්‍රදේශවලද තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් සුළං ඇතිවන බව ඔහු කීවේය.
ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.