බස්නාහිරට,දකුණට පෙරවරු කාලයෙත් වැසි


(ඩයනා උදයංගනී)

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද (16) දිනයේත් මිලිමීටර 75ට වැඩි තරමක් තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ද අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශයන්හි උදෑසන කාලයේත් මද වැසි ඇතිවන බව ඔහු කීවේය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.