බස්නාහිර ඇඳිරි නීතිය සතියක් දීර්ඝ කරයි


 

(ඩයනා උදයංගනී)
 
බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරිනීතිය තවත් සතියකින් දීර්ඝ කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථා‍නයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව හෙට (2) උදෑසන 5.00ට අවසන්වීමට නියමිතව තිබූ ඇඳිරිනීතිය ලබන 9 වැනිදා දක්වා අලුයම 5.00 දක්වා ක්‍රියාත්මක බව ද හමුදාපතිවරයා සඳහන් කලේය.

පසුගිය දිනවල කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවලින් වැඩි ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තාවීම නිසා මෙම පියවර ගත් බව ද හමුදාපතිවරයා කීවේය.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ පොලිස් වසමට, කුරුණෑගල නගර සභා සීමාවට හා කුලියාපිටිය පොලිස් වසමටද හෙට (2) උදෑසන 5.00ට අවසන්වීමට නියමිතව තිබූ ඇඳිරිනීතිය ලබන 9 වැනිදා  අලුයම 5.00 දක්වා ක්‍රියාත්මක බව ද හමුදාපතිවරයා සඳහන් කලේය.

යුද හමුදාපතිවරයා මේ බව පැවසුවේ අද (1) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ඡායාරූපය - ශාන්ත රත්නායක