(චාපා මධුභාෂිණී)
ප්‍රවාහන අපහසුතා හේතුවෙන් මහ මඟ අතරමංව සිටින ජනතාවට ප්‍රවාහන පහසුකම් ලබාදීමට හිගුරක්ගොඩ ප්‍රදේශයේ අත්ට්‍රැක්ටර් රියදුරන් දෙදෙනකු විශාල සහයක් ලබා දෙන බව මගීහු කියති.
මේ දිනවල පවතින දැඩි ඉන්ධන හිඟය හේතුවෙන් බස් රථ නිසි පරිදි ධාවනය නොවීමත් සමග හිගුරක්ගොඩ නගරය ආශ්‍රිතව ඇති රාජ්‍ය අංශ කාර්යාලයන්හි සේවයට පැමිණෙන සහ රෝහලට පැමිණෙන බොහෝදෙනෙකු දැඩි අපහසුතාවයකට පත්ව සිටිති.
මේ හේතුවෙන් මීට දින ගණනවකට පෙර හිගුරක්ගොඩ බෝගස්හන්දිය ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකු ප්‍රවාහන අපහසුතා හේතුවෙන් මහමග අතරමංවූ ජනතාවට සේවයක් කිරීමේ අරමුණින් තම අත්ට්‍රැක්ටර් රථ යොදා ගනිමින් මෙම පිරිස ප්‍රවාහනය කිරීමට ඉදිරිපත්ව ඇත.
ඒ් අනුව පී.ඩී.ඒස් චමින්ද කුමාර රියදුරු මහතා උදෑසන 7.30 පමණ බෝගස්හන්දිය ප්‍රදේශයේ සිට හිගුරක්ගොඩ නගරය දක්වා මගීන් ප්‍රවාහනය කර නැවතත් හිගුරක්ගොඩ නගරයේ සිට බෝගස්හන්දිය වෙත ගමන් කරනු ලබයි. ඒ් අනුව ඔහු දිනකට ගමන්වාර 6,7 පමණ ගමන් කරන අතර සෑම ගමන්වාරයකම මගීන් 15 පමණ ගමන් කරන බව ඒ් මහතා අපවෙත කීය.