බස් ගාස්තු ඉහළ යන්නේ නෑ


(යොහාන් භාසුර)

ඩීසල් මිල රුපියල් 5 කින් ඉහළ ගිය ද බස් ගාස්තු වැඩි කිරීමේ ප්‍රතිපාදන නොමැති බව ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා අද (1) ‘ලංකාදීප’යට පැවසීය.

බස් ගාස්තු සම්බන්ධයෙන් පවතින නීති සහ එකඟතාවයන් අනුව මේ අවස්ථාවේදී ද බස් ගාස්තු ඉහළ දැමිය නොහැකි බවත් බස් ගාස්තු ඉහළ දැමීමට කිසිවෙක් මේ දක්වා ඉල්ලීමක් කර නොමැති බවත් වෙල්ගම මහතා කීය.