(රංජිත් රාජපක්ෂ)
නුවරඑලිය සිට පිට පළාත්වලට සහ සහ කෙටි දුර ලංගම, පෞද්ගලික සියලු බස් නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා ප්‍රමුඛ කණ්ඩායමක් අද සවස හදිසි පරික්ෂවකට ලක් කළහ.
නුවරඑලිය පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින්ගේ ද සහයෝගය ඇතිව මෙසේ වාහන හදිසි පරික්ෂාවට ලක් කෙරිණ.
මෙම පරික්ෂාවේදි මගී ප්‍රවාහනට නුසුදුසු තත්වයේ තිබූ බස් රථ 12ක් පමණ හඳුනා ගත් බව ජාලිය බණ්ඩාර මහතා පැවැසීය. එම බස් රථ දින 14ක් ඇතුළත සුදුසු තත්වයට පත් කළ යුතු බවට දැනුම් දී මගී ප්‍රවාහයෙන් ඉවත් කර ඇත.
මගී ධාවන කටයුතුවල නිරත වූ ලංගම, පෞද්ගලික බස් රථ කිහිපයක සුක්කානම ආශ්‍රිතව අඩුපාඩු රැසක් තිබූ බවත් ඇතැම් ලංගම බස්වල හැරවීමට දැඩි අපසුව තිබූ බව ද වැටලීමට එක් වූ නිලධාරීහු පවසති.
ඇතැම් බස් රථවල හදිසි දොරටුවල දැඩි දෝෂ තිබූ බවත් ඒවා ක්‍රියාතමක තත්ත්වයේ නොතිබූ බව ද නිලධාරීහු පැවැසීය. බොහෝ බස් රථවල පිටුපස රෝද වල දෝෂ තිබූ බව ද වැටලීම සිදු කළ නිලධාරිහු පැවැසූහ.