බසයට යටවී යතුරුපැදිකරු මරුට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)


මහරගම සිට හොරණ බලා ගමන් ගත් පෞද්ගලික බස් රථයකට දියගම හන්දිය ආසන්නයේ යතුරු පැදියක ගමන්ගත් පුද්ගලයකු යටවී එම ස්ථානයේදීම මියගොස් ඇතැයි කහතුඩුව පොලිසිය කියයි.


අනතුරින් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 50ක පුද්ගලයෙකි.

 

බස් රථය හොරණ බලා ධාවනය වෙමින් තිබියදී දියගම ප්‍රදේශයේ මාර්ගය අලුත්වැඩියා කරන ස්ථානයකින් යතුරු පැදිය බස්රථයට ඉස්සර කිරීමට යාමේදී යතුරු පැදිය පෙරැළී මෙම අනතුර සිදු වී ඇත.