බසයක් නවතා තිබුණු ලොරියක හැපී 9ක් රෝහලේ


(සිරිසේන ගමගේ) 

 මොණරාගල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයක් අද (11) අලුයම වැල්ලම්පිටියේදි මාර්ගය අයිනේ නවතා තිබු ලොරියක පසුපස ගැටිමෙන් බසයේ ගමන් ගත් මගින් 9 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි.

වැල්ලම්පිටිය  ඉන්ධන පිරවුම් හලත් මිතොටමුල්ල හංදියත් අතර මාර්ගය අයිනේ පිහිටා ඇති හාඩ් වෙයාර් ආයතනයකට අයත් ලොරි රථ තුනක් රාත්‍රි කාලයේ එම වෙළඳ ආයතනය ඉදිරිපිට මාර්ගය අයිනේ නතර කර තිබි ඇත.

පාන්දර අධික වේගයෙන් පැමිණ ඇති මගි බස්   රථය මාර්ගය අයිනේ නතර කර තිබු ලොරි රථය පිටුපස හැපි ඇති අතර එම ලොරිය ගැටිමෙන් නවතා තිබු අනෙකුත් වාහන තුනද එකිනෙක ගැටිමෙන් වාහන හතරටම දැඩි අලාභ හානි සිදුව ඇත.