බසය ප්‍රපාතයට පෙරැලී කතක් මරුට: 42ක් රෝහලට


( වියලුව වාර්තාකරු)

බදුල්ල මොරහෙල ප්‍රධාන මාර්ගයේ ගුරුමඩ යොදා උල්පත හංදිය ප්‍රදේශයේදී  ලංගම බසයක් අඩි 40ක් පමණ ප්‍රපාතයකට පෙරළී  අද (20)  දහවල්  සිදු වූ  අනතුරකින් වයෝවෘද්ද කතක් මියගොස් තවත් 42 දෙනකු තුවාල ලබා ඇතැයි  පොලීසිය කියයි.

මීගහකිවුල සිට මොරහෙල බලා ධාවනය වෙමින් තිබූ ලංගම බසයක් මෙසේ අනතුරට පත්ව තිබේ.

මේ වන තුවාල ලැබුවෝ මීගහකිවුල රෝහල වෙත රැගෙන එමින් පවතින අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවන 20 දෙනකු බදුල්ල මහ රෝහලට මාරුකර යවා ඇතැයිද  පොලීසිය කියයි.

මීගහකිවුල ප්‍රදේශයේ සති පොලද පවතින්නේ අද  බැවින් විශාල පිරිසක් බස් රථයේ ගමන් කර තිබේ.