
(කේ බුද්ධික කුමාරසිරි)
කාන්තාවක් පැදවූ මෝටර් රථයක ගැටී වීථි සුනඛයකු මියයෑමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවක දෙසැම්බර් මස 9 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය.
පන්නිපිටිය විද්‍යාල හංදියේ අලුබෝගහවත්ත පටුමග ආසන්නයේ ජීවත් වූ මිය ගිය වීථි සුනඛයා ඉකුත් නොවැම්බර් 14 දින සැකකාර කාන්තාව පැදවූ මෝටර් රථයේ ගැටී මියගොස් තිබූ බවත් එම වීථි සුනඛයා මිය යෑම සිතාමතා සිදුකළ ඝාතනයක් බවට ප්‍රදේශවාසීන් සහ සත්ව සංවිධාන කොට්ටාව පොලිසියට කළ පැමිණිල්ලක් සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙලෙස බන්ධනාගාර ගත කරන ලද්දේ පන්නිපිටිය කොට්ටාව දෙල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක වන ඉෂානි සිල්වා නැමැත්තියකි.

