
(අංජුල මහික වීරරත්න)
බලශක්ති ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ පූර්ව අයවැය සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
දිනෙන් දින ඉහළ යන විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
විදුලිබලය අපනයනය කිරීමට ඇති අවස්ථා පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි. බලශක්ති ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් ඉල්ලා සිටියේ ක්ෂේත්‍රයට අදාල භාණ්ඩ ආනයනයේදී අධික බදු මුදලක් ගෙවීමට සිදු වී ඇති බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.
මේ සියලු කරුණු සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා, විදුලිබල මණ්ඩලයේ සභාපති සහ බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශ්වකරුවන් සමඟ නුදුරේදීම තවත් සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය විය.
විශේෂයෙන් මෙරට නිශ්පාදන ආර්ථිකයක් සඳහා බලශක්ති ක්ෂේත්‍රයේ උපරිම දායකත්වය ලබා ගැනීම, නිශ්පාදන පිරිවැය අඩු කිරීම, ඒ සඳහා නිශ්පාදකයින්ගේ දායකත්වය ලබා ගැනීම යන කරුණු පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ යන මහත්වරු, මුදල් අමාත්‍යාංශ නිලධාරීහු සහ බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජකයෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

