බලන් වැරහැලි මහවැලි කුමරී


(නිමල් ජයරත්න)

දිවයිනට බලපා ඇති නියං තත්ත්වය නිසා දිවයිනේ වැව් අමුණු මෙන්ම ඇළ දොළද සිඳී ගොසිනි. මෙම තත්ත්වය දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලට බලපා ඇත.

මිනිසුන්ට පමණක් නොව වන සිවුපාවුනට බීමට ජල බිඳක් සොයා ගැනීම ඉතා අපහසු විය. 

මාස ගණනාවක සිට වැසි නොලැබීම හේතුවෙන් ඇති වී තිබෙන නියගය සහ ඉඩෝරය නිසා පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගඟේ ජල මට්ටම විශාල වශයෙන් අඩු වී තිබේ,

පවතින නියං තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගඟද සිඳී තිබෙන අයුරු අප කැමරා කාචයට මෙලෙස හසුවිය, අනුරාධපුර,පොලොන්නරුව ඇතුළු දිසා ගණනාවක ගවයින්ට ද ආහාර සොයා ගැනීමට ඉතා අපහසු වී ඇත.