සම්පත් ප්‍රියනන්දන
පාර්ලිමේන්තුවට ඇතුළු විමේ බලපත්‍ර සහ ජිව උණ්ඩ සමඟ බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් 27 හැවිරිදි තරුණයා රඳවාගෙන ප්‍රශ්න කිරිම සඳහා බලන්ගොඩ මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරු ජයරුවන් දිසානායක මහතා අද (25) බලන්ගොඩ පොලිසිය වෙත අවසර ලබා දුන්නේය.
සැකකරු බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිපත් කිරිමෙන් පසුව රඳවාගෙන ප්‍රශ්න කිරිම සදහා පොලිසිය විසින් අධිකරනයෙන් කල ඉල්ලීමක් අනුව එලෙස අවසර ලබා දිම සිදුකෙරිණි.

