බලංගොඩ නිවාස 17ක පුද්ගලයන් 78ක් තාවකාලිකව ඉවත් කරයි


(සම්පත් ප්‍රියනන්දන)

බලංගොඩ වලේබොඩ පේරකැටිය  ප්‍රදේශයේ  නිවාස   17 ට  ඉහලින් ගල්  පෙරලිමෙි   අවදානම් තත්ත්වයක් ඇති  විම  හේතුවෙන්   එම  නිවාසවල  පදිංචි  පුද්ගලයන්   78 කු  වලේබොඩ විදුහලේ තාවකාලිකව නතර කිරිමට අද  (25)  දා  සවස  කටයුතු කළ බව බලංගොඩ ප්‍රදේශිය ලේකම් කාර්යාලය පවසයි.

පවතින අධික  වර්ෂාවත්  සමඟ  එම  නිවාසවලට  ඉහලින් ඇති කැලැබද  ප්‍රදේශයක   සිට  පහලට  ගල්  පෙරලිමෙි  අවදානම් තත්ත්වයක් මතු ඇති  බව  එම  කාර්යාලය පවසයි.

එලෙස තාවකාලිකව රඳවා  ඇති   ජනතාව වෙනුවෙන් පිසු  ආහාර   ලබාදීමට  කටයුතු කරන  බව  අප කළ  විමසිමකදි  බලංගොඩ ආපදා සහන සේවා නිළධාරි නිමල් ගණිතගේ මහතා පැවැසීය.