බඹරු ඇන 6ක් රෝහලේ


(දයාරත්න ඇඹෝගම)                                                                      

අනුරාධපුර,ඩී.එස්.සේනානයක මාවතේ පිහිටි එස්.ඕ.එස්.ළමා ගම්මානයේ උද්‍යානයේ ගසක බැද තිබු බබර කුඩයක් ඇවිස්සි එම බඹරුන්ගේ ප්‍රහාරයට ලක්වු පුද්ගලයන් හය දෙනෙකු රෝහල් ගත කොට ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.

අනුරාධපුර නගරයේ හා තදාසන්න ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු තිහත් හැත්තෑවත් අතර වියේ පසුවන පුද්ගලයන් හයදෙනෙකු බබර විසෙන් අසාධ්‍යව මෙසේ රෝහල් ගත කොට තිබේ.

එස්.ඕ.එස්.ගම්මාමනයේ උද්‍යානයේ තිබු ගසක බැද තිබු බඹර කුඩයකට උකුස්සෙකු විසින් පහර දිමේ හෙතුවෙන් ඇවිස්සුන මෙම බබරැන් ඒ අසල ලොතැරෙයි පත් අලෙවි කරමින් සිටි පුද්ගලයෙකුටත් ආපන ශාලාවක් පවත්වා ගෙන යමින් සිටි ව්‍යාපාරික කාන්තාවකටත් මහමග යමින් සිටිපුද්ගලයන් පහළොස් දෙනෙකුට අධික පිරිසකට පහරදි තිබුණි.