
(රංජිත් රාජපක්ෂ )
තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහරයකින් තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවන් 12 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව බගවන්තලාව ප්‍රදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි ඒ.එස්.කේ ජයසූරිය මහතා පැවසීය.
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වතුයායේ එන්.සී. කොටසේ තේ දළු නෙළමින් සිටි වතුකම්කරුවන් පිරිසකට ඊයේ (20) මෙසේ බඹර ප්‍රහාරය එල්ල වී ඇත.
තේ පදුරක් මත බැද තිබූ බඹර කුඩුවක් වතුකම්කරු කන්තාවකගේ පය ගැටීමෙන් පසු ඇවිස්සුණු බඹරුන් තමන්ට පහර දුන් බව බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකර ලබන වතුකම්කරුවන් කියා සිටියේය.

