(ප්‍රසාද් රුක්මල් )
බඹරු ඇනීමෙන් දෙමෝදර විදුහලක සිසුන් අටදෙනකු අද (9) දහවල් දෙමෝදර රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය පවසයි .
එම විදුහලේ 1 වැනි ශ්‍රේණිය ළමුන් දෙදෙනකු , 2 වැනි ශ්‍රේණිය ළමුන් දෙදෙනකු සහ 7 වැනි ශ්‍රේණිය ඉගෙනුම ලබන ළමුන් සිව්දෙනෙකු මෙලෙස රෝහල්ගත කර ඇතැයි රෝහල් ප්‍රකාශයකු කීය.
සිසුන් විදුහලේ නව විදුහල් ගොඩනැගිල්ලඅසල සිටියදී ඒ අසල තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙම අනතුරු සිදු වී තිබේ.
මෙම සිසුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය .
සිදුවීම පිළිබඳව ඇල්ල පොලිසිය පරික්ෂණ පවත්වති .

