
(රංජිත් රාජපක්ෂ)
ලිදුල පොලිස් වසමට අයත් ෆාමස්ටන් තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් 61 හැවිරිදි වතු කම්කරුවකු ජිවිතක්ෂයට පත් වී තවත් පස් දෙනකු ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව ලිදුල පොලිසියේ නිළධාරියෙක් පැවසිය.
එම වත්තේ ගසක බැද තිබූ බඹර කූඩුවක් ඇවිස්සී තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන්ට අද (31) දින උදෑසන 10:00ට පමණ බඹර ප්‍රහාරයට ලක්ව ඇත.
බඹර ප්‍රහාරයට ලක්ව ලිදුල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ සෙසු තුවාලකරුවන්ගේ තත්වය බරපතල නිසා ඔවුන් නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවූ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

