
(කුෂාන් ජයවර්ධන)
පාසැල නිමවීමට ආසන්නව තිබියදී එල්ලවූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් කැකිරාව අධ්‍යාපන කලාපයට අයත් ඉහළ කාගම ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් හා ගුරුවරුන් ඇතුළු 35ක පමණ පිරිසක් ප්‍රතිකාර සදහා කැකිරාව දිසා රෝහලට ඇතුළත් කර තිබේ.
එම විද්‍යාලයේ ඉගෙනුම ලබන වයස අවු5ත් 10ත් අතර දරුවන් පිරිසක් මෙම බඹර ප්‍රහාරයට ලක්ව තිබේ.
විද්‍යාලය අසළ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී එම පාසැල් සිසුන්ට මෙලෙස පහර දීමට පටන් ගෙන තිබේ.
බඹර ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ ඉන් සිසුන් බේරා ගැනීමට කටයුතුකල ගුරුවරුන් කිහිප දෙනෙකු හා අසල්වැසි දෙමව්පියන් කිහිප දෙනෙකු ද මෙහිදී එම බඹර ප්‍රහාරයට ලක්ව තිබේ.
බඹර ප්‍රහාරයට ලක්වූ සිසුන්, ගුරුවරුන්, දෙමව්පියන් ඇතුළු 35 දෙනෙකු පමණ මේ වනවිට ප්‍රතිකාර සඳහා කැකිරාව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ අතරින් එක් පාසැල් සිසුවකුගේ තත්වය තරමක් බරපතළ බැවින් එම සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල මහ රෝහල වෙත මාරු කර යැවීමට රෝහල් බලධාරීන් මේ වනවිට පියවර ගෙන තිබේ.

