(ජයරත්න වික්‍රමාරච්චි)
වනසතුන් දඩයම් කිරීම සඳහා බඳින ලද ගිනි අවි 7 ක් හා මුව මස් කිළෝ 2ක් සමග සැකකරුවෙකු අද ( 0 1 ) නවගත්තේගම පොලිස් වසමට අයත් රජවිගම ප්‍රදේශයේ දී සැකපිට අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි.
සැකකරුට අයත් බව පැවසෙන රජවිගම ප්‍රදේශයේ හේනක මෙම ගිනි අවි 2ක් අටවා තිබූ බවත්, අනෙක් ගිනි අවි 4 එම හේනේම ගසක් යට සගවා තිබියදී සොයා ගත් බවත් පොලීසිය පවසයි.
සැකකරු 62 දෙහැවිරිදි පුද්ගලයෙකි. මොහු දඩයක්කරුවෙකු බවට මූලික විමර්ශනවල දී අනාවරණය වූ බවත්, ඒ අනුව අත් අඩංගුවට ගත් ගිනි අවි, මුව මස් හා සැකකරු ආණමඩුව අධිකරණයට ඉදිරිපත් නියමිත බවත් පොලීසිය කියයි.