( පද්මසිරි ගාර්දියවසම්)
අයිස් මත්ද්‍රව්‍ය ළග තබාගත් බන්ධනාගාර නියාමකවරයෙකු සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු වීරවිල තිස්සපුර හෝටලයක රැදී සිටියදී අත් අඩංගුවට ගත් බව වීරවිල පොලිසිය පවසයි .
වීරවිල පොලිසියේ නිළධාරින් කණ්ඩායමකට වීරවිල තිස්සපුර හෝටලයක් තුල මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුවන බවට තොරතුරක් ලැබී ඇත .
ඒ අනුව හෝටලය පරීක්ෂා කිරීමේදී එහි කාමරයක රැදී සිටි සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ළග තිබී අයිස් මත්ද්‍රව්‍ය සොයාගත් බව පොලිසිය පවසයි .
සැකකරුවන් පොළොන්නරුව සහ උස්වැටකෙයියාව ප්‍රදේශ වල පදිංචි කරුවෝ වෙති .
වෙනත් කාමරයක් පරීක්ෂා කිරීමේදී එහි රැදී සිටි නාරාහේන්පිට ප්‍රදේශයේ පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ොසමග අත් අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශනය කිරීමේදී ඔහු වීරවිල එළිමහන් සිර කදවුරේ සේවය කරන බන්ධනාගාර නියාමක වරයෙකු බවට අනාවරණය වූ බව පොලිසිය පවසයි.

