(පාලිත ආරියවංශ )
සංවර්ධන සේවා සංගමය , රැකියා ලාභී උපාධිධාරී සංගමය සංවිධානය කළ පෙළපාලියක් හා උද්ඝෝෂණයක් බදුල්ල නගරයේදී අද (14) දහවල් පැවැත්විණ .
එම වෘත්තිය සමිතියට අයත් බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කයන්හි සාමාජිකයන් මෙම උද්ඝෝෂණයට හා පොළපාලියට එක්ව සිටියහ.
ඔවුන් බදුල්ල සේනානායක පිටියට රැස්වී එතැන් සිට පෙළපාලියෙන් බදුල්ල මධ්‍යම බස්නැවතුම්පොළ ඉදිරියට ගොස් උද්ඝෝෂණයේ නියැලුණහ .