
(වයි.ඒ.එස් වීරවංශ, අජිත්ලාල් ශාන්තඋදය සහ ප්‍රින්ස් රත්නායක)
බදුල්ල - කොළඹ මාර්ගය අවහිර කරමින් බලංගොඩ සීලෝගම ප්‍රදේශයට ඊයේ මධ්‍යම රාත්‍රීයේ කඩා වැටුණු පස් කන්ද සහිත කළුගල ඉවත් කටයුතු අච සවස ඇද හැළුණ මහා වර්ෂාව නිසා තාවකාලිකව නවතා දැමීමට සිදු වූ බව මාර්ග සංවර්ධන නිලධාරීහු පවසති.
පැවති අධික වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ 155 ත් 156 ත් අතර කිලෝ මීටර් කණු ආසන්නයේ බෙලිහුල්ඔය සීලෝගම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් සමග කළුගල් පර්වතයක් කඩා වැටීම හේතුවෙන් මාර්ගය මුලුමනින් වැසී තිබිණි.
මාර්ගයේ එක් මංත්‍රීරුවක් විවෘත කිරීමට අද සවස පියවර ගත් අතර වාහන කීපයක් ඒ හරහා ගමන් කරන අතර තුර ඇද හැළුණු වාර්ෂාව නිසා පස් කන්දේ කොටසක් යළි පාත්වීම නිසා මාර්ගය යළි වැසී ගියේය.
මේ අතර බදුල්ල - කොළඹ මාර්ගයේ පුවක්ගහ පිටිය ප්‍රදේශයෙන් පස් කන්දක් අද රාත්‍රියේ කඩා වැටී ඇතැයි ද පොලිසිය කියයි.

