බටලන්දට ජනපතිගෙන් පරීක්ෂණ කමිටුවක්




(සුජිත් හේවාජුලිගේ)

බටලන්ද  චූදිතයන්ට  නිත්‍යානුකූලව දඬුවම් කිරීම සඳහා  පරීක්ෂණ  කමිටුවක් ජනාධිපතිවරයා විසින් ළඟදීම පත් කෙරෙනු ඇතැයි සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ඉතා හොඳම කණ්ඩායම පත් කෙරුණු  ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මේ අතර බටලන්ද  කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන්
නීතිපතිවරයාටද දැනුම් දෙන බව පැවසූ රත්නායක මහතා එම කටයුතු සියල්ල නුදුරේදීම සිදුවන බව ප්‍රකාශ කළේය.

බට්ලන්ද කොමිෂන්  සභා වාර්තාව පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැත්විණ. එම විවාදය දෙවැනි දිනයටත් ලබන මැයි මස පැවැත්වීමට නියමිතය.