
(ක.ග.කරුණාරත්න)
බකමුණේ ලූනු ගොවීහූ තම අස්වැන්න වෙනුවෙන් සාධාරණ මිලක් ලබා දෙන්නැයි බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.
තම ලොකු ලූණු අස්වැන්න පෞද්ගලික වෙළෙඳුන්ට කුණු කොල්ලයට මිලදී ගැනීමට ඉඩ නොතබා නිසි සාධාරණ මිලකට අලෙවි කිරීමට හැකි වැඩ පිළිවෙළක් නොපමාව සළසා දෙන ලෙස ඇලහැර,බකමූණ ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති.
ලොකුළුෑණු මිල විශාල වශයෙන් පහල බැස තිබෙන බවත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන යනු ලබන ලොකු ලූනු කිලෝවකට ලැබෙන ඉහළම මිල රුපියල් 120-130 ක් බවද ඔවුහු පවසති.
මේ දිනවල ගොවි බිම්වලට පැමිණෙන ගැණුම් කරුවන් මිලදී ගනු ලබන්නේ කුණු කොල්ලයට බව ද ගොවීහු කියති.


